සිහිනක් නොවූ අතීතය මේ ෆොටෝ එක මීට කලින් දවසක හදිස්සියේ දැම්මට මොකද ඒත් එක්ක ගෑවිච්ච, අතීතය පළාගෙන මතු වෙවී හිත කොනිත්තන මතකයක් මේ වෙලාව වෙනකොටත් හිත කොනක පිනුම් ගහනවා. ඒ නිසා මේ සටහන ලියන්න ම ඕන කියල හිතුනා. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ දකණු ගේට්ටුවට දකුණු පැත්තෙන් තිබුණ පරිගණක විද්‍යාගාරයට එහා පැත්තේ තිබුණ තාප්පය තමා අපේ කුරුබිලිය උනේ. තාප්පෙට උඩින් කටු කම්බි ගහල ආරක්ෂා කරල තිබුණත් අපේ රහස් මාර්ගය වහන්න ඒ උපක්‍රම ශක්තිමත් උනේ නෑ. තාප්පෙට උඩින් කස්තිරම ගහල දැන් ඔය වික්ටරි රෝහල (යුධ හමුදා රෝහ ල) තියෙන පැත්තෙන් හැංගිලා පූජා නගරෙට පැන ගන්නවා. ගොඩක් වෙලාවට අපේ ප්‍රධාන ඉලක්කය උනේ ඉසුරුමුණිය විහාරය. බැතිමත්තු ඉතාම භක්තියෙන් පඬුරු වක්කරන, කම්බි දැල් වලින් වටකරපු තැනක් තියෙනවා ඒ ගල් පර්වතය මුදුනේ. ගියපු අය දන්නවා ඇති අන්ධ භක්තිකයෝ ආවේශයෙන් වගේ කාසී අතෑරියාට එතන තියෙන්නේ පුරාණ සෙල් ලිපියක්, ඒකේ ආරක්ෂාවට තමා ආවරණය කරල තියෙන්නේ. (අනේ අම්මපා මෙහෙමත් දානපතියෝ) කම්බි දැල නිසා සල්ලි එළියට ගන්න මාර ගේමක් දෙන්න වෙනවා. අනෙක තියෙන කාලය ඉතා සීමිතයි. යුනිෆෝම් එක නිසා අපි ගැන අවධාන...
Posts
රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා.......!
- Get link
- X
- Other Apps

රන් හිරු මඩලින් සිහිලස අයදිනවා පුන් සඳ පහනින් උණුහුම අයදනවා ලෝකය බිහි වූ දා සිට අරුමෙකි මිනිසා ගිරි හිස ඉඳුවර සොයමින් ලතැවෙනවා....... සයුරේ පැන්පත සොයමින් වැළපෙනවා කතරේ කෙන්බිම දකිමින් රැවටෙනවා දිළිසෙන දිය රැළි මාලා නෙත පුරවා නෙක මායා මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා........ ගමනේ මං පෙත දවසක නිම වෙනවා ලද දේ කල කී දේ හිත හඩවනවා නිවැරදි හැම සඟවාලා වරදට මල්දම් දාලා රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා..... ... v ' සබ්බේ සත්තා උන්මත්තකා ' කියල බුදුන් වහන්සේ කියල තියෙනවනෙ. ඉතිං ඉපදුන දවසෙ ඉඳල මනසින් මවාගත්ත ලෝකයක් ඇතුලෙ තමයි හැමෝම ජීවත් වෙන්නෙ. පිස්සෙකුටත් තියෙනව ලෝකයක්. ඒ ලෝකෙ ඇතුලෙ එයාගෙ හැම සිතිවිල්ලක්ම සංතර්පණය කරගන්නවා එයාටම ආවේනික රාමුවක ඉඳල. ...
වේදිකාවෙන් මහ පොළොවට ......!
- Get link
- X
- Other Apps
රජරට වැව් බොහොමයක් දැන් රොන්මඩ පිරිලා ගොඩ වෙලා. පින්නටත් පිරෙනවා. හඳ එළියට ආයෙත් හිඳෙනවා. තියෙන ටිකෙත් ජපන් ජබර, සැල්වීනියා බෝ වෙලා අභාවයට ගිහින්.... පායන කාලෙට ගිනි කූටකේට පිච්චෙනවා. මෝසම් කාලෙට හැමදේම යට කරගෙන ගලන්න ගන්නවා. නියඟෙන් බැට කාලා ඉවර වෙනකොට ම ගංවතුර තර්ජනය පටන් ගන්නවා. ඒ අතර පතරින් සුළි සුළං කුණාටු හමන්නවා. මිනිස්සු හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ ඒක දෛවය විසින් තමන්ට දීපු උරුමයක් කියලා. අනෙක් පැත්තෙන් ඒකත් කරුමේ කියල හිතන්න ඔවුන්ට කවුරුහරි පුරුදු කරල.... වෙහෙරක් අහිමි වෙච්ච කෙනෙකුට අග්ගලයක් දීල වැඩක් නෑ. හරක් පට්ටියක් නැතිවෙච්ච කෙනෙකුට කෙවිටකින් වැඩක් නෑ. ඒත් රජයක් එහෙම කරන්න ඕන, ජනතාව වෙනුවෙන් නෙවේ, පැවැත්ම වෙනුවෙන්. මේ දෙන්නේ තෑගි නෙවෙයි. දෙන්නේ මගේ සාක්කුවෙනුත් නෙවෙයි. මේක රාජකාරියක්. ඒ වෙනුවෙන් ආණ්ඩුවෙන් මට පැය අටකට ගෙවනවා. හැබැයි මම මිනිස්සු වෙනුවෙන් පැය දාසයක් වැඩ කරනවා. ඒකට ඒ මිනිස්සු මට ගෙවනවා. ඒත් ඒ සල්ලි වලින් නෙවෙයි, හිනාවෙන්, ආදරයෙන්, කරුණාවෙන්, ලෙන්ගතු කමින්. ඒ නිසා ඔවුන් වෙනුවෙන් වගකීමට එහා ගිය යුතුකමක් හිතේ ඇඳෙනවා. මගේ සුව පහසු පුටුව ඉස්සරහ තියෙන දැවැන...
ඉතිහාසයේ කාබන් කොපි...............!
- Get link
- X
- Other Apps

සමහර විද්වතුන්ගේ අදහස හා එකඟව යමින් ඉතිහාසයේ කාබන් කොපියක් වර්තමානය තුල දිගහැරෙමින් පවතින බව පිළිගනිමි. රටේ ඉතිහාසය පමණ නොව ලෝක ඉතිහාසය තුල වුවද මේ බව සනාත කිරීමට කරුණු කාරණා සොයා ගැනීම එතරම් අපහසු කාරණයක් නොවේ. විසිවන සියවසේ මහා ප්‍රාඥයා යැයි සැලකෙන ඇල්බට් අයිස්ටයින්ගේ සාපේක්ෂතා වාදයට අනුව කරලියට පැමිණුනත් වසර 2500 කට වඩා එපිට ඉතිහාසයකදී බුදුන් වහන්සේ විසින් ලෞකික පරමාර්ථ වල සාපේක්ෂතාවය මැනැවින් විග්‍රහ කර තිබේ. ඒ අනුව කිසිදාක හොඳ-නරක, යස-අයස, ලාභ-අලාභ, නින්දා-ප්‍රසංසා, දුක-සැප, සුදු-කලු, උස්-මිටි යනාදී එකී මෙකී නොකී කිසිවක් ඉතිහාසය තුල දීර්ඝ කාලීනව අඛණ්ඩව ස්ථීරව පැවතී නැත. ස්වාභාව ධර්මයේ සාපේක්ෂතාවය මඟින් මේවා මනාව කළමණාකරණය කෙරී තිබේ. අනාගතය තුල වුවද එයම සිදුවනු නොඅනුමානය. අපේ ඉතිහාසය සියුම්ව විශ්ලේෂණය කරනවිට උක්ත කාරණය මැනැවින් අවබෝධ කරගත හැකිය. "බැමිණිතියා සාය" වැනි මහා නියඟයන්ගෙන් බැට කෑ අප, ශෂ්‍ය සම්පත් වලින් ආඩ්‍ය වී නොනැවත අතිරික්ත නිෂ්පාදන අපනයනය කරන්නට තරම් සශ්‍රීක වූ "මහා පැරකුම් යුග" පසුකර පැමිණුනෙමු. බුද්ධදාස වැනි "රජ වෙදුන්" හා ව...
සතන් සමාගමෝ............!
- Get link
- X
- Other Apps
ජීවිතයේ මෙතෙක් ගෙවා ආ ගමන් මඟ දෙස ආපසු හැරී බලන විට පසුකර පැමිණි මාවත දුක වේදනාව සතුට කඳුල පිරි, සුන්දර හා කටුක මතකයන්ගෙන් රැඳුන කාලච්චේදයක් වූවත් දැන්නම් ඒ හැම සුන්දර මතක සටහන්ම පමණක් වි ඇතැයි සිතේ. දිවා විවේකය ලැබුණ පාසල් ජීවිතයේ දිනෙකදී බඩ කට පිරෙන්නට කරාමය ඇර වතුර බිවූ දිනයක ඒ දුටු මිතුරෙකු ගෙදරින් පොතක් ගැනීමට දුන් කාසි කොළ කීපයක් මා අත මිටමොළවා කැටිමට එක්ක ගිය මතකය තවමත් මා හිතේ කොනක සුරැකිව ඇත. පැපොල වසංගතය හේතුවෙන් සියලු අභ්‍යන්තර - භාහිර නේවාසිකාගාර වසා දැමුන කාලයක, අන් සියලු සරසවි මිතුරන් තම නිවෙස් බලා ගියමුත් ශිෂ්‍ය දේශපාලන වැඩ කටයුතු වෙනුවෙන් නේවාසිකාගාරයේ තනිවූ අප කිහිප දෙනෙකු කුස්සිය මුල්ලේ තිබූ පොල්කටු එකතුකර නගරයේ ලොන්ඩරියකට විකුණා ලැබුණ සොච්චම් මුදලින් දින කීපයක් බඩ පුරවාගන්නට ගත් උත්සාහය තවම මා සිතින් අමතකව නැත. අතේ සතේ නැතිව අන්ත අසරණ වූ අවස්ථාවලදී පරිස්සමට මඟහැර ගිය මෙන්ම අතමිට යහමින් මුදල් ගැවසුන කාලවල මා වටා රොද බැඳ සිටි මිත්‍ර ප්‍රතිරූපකයන් දහස් ගණනක් අතර එදා පාසැල් ජීවිතයේ සිට සරසවි ජීවිතය හරහා මේ දක්වා මා අතනොහැර එකාවන්ව සිටි කල්‍යාණ මිත්‍රයන් සැ...
මිනිසා දේශපාලන සත්වයෙකි.......! එසේ නම් සරසවි ශිෂ්‍යයා?
- Get link
- X
- Other Apps
" මිනිසා ලිංගික සත්වයෙක්" යැයි කියූවේ සිග්මන් ප්‍රොයිඩ්ය. එතෙක් කරලියේ පැවතුන පිළිගැනීම වූයේ "මිනිසා දේශපාලන සත්වයෙක්" ය යන ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කරන ලද අදහසයි. මේවා හරි හෝ වැරදි විය හැකිය. එය වෙනම ම කාරණයකි. කෙසේ වෙතත් දේශපාලනය යනු මසට සම සේ , ගසට පොත්ත සේ මානවයාගේ ජීවිතය හා සබැඳුන ක්‍රියාදාමයකි. "අපි ඉපදෙන්නත් දේශපාලනය බලපානව කියලයි මට හිතෙන්නේ" යනුවෙන් අප මිතුරු ඔසී පවසනවා ඇත්තේද එයම විය යුතුය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තමන් කැමති දේශපාලන මතවාදයක් දැරීම සඳහා සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකමක් තිබිය යුතුය. විශ්වවිද්‍යාල සිසුන් එයින් වියුක්තද ? රටක ජීවනාලිය ලෙස සැලකෙන්නේ තරුණ පරපුරයි. ඔවුන්ගේ ජවය හා ශක්තිය මෙන්ම නැවුම් මතවාද හා ආකල්ප ද රටේ සංවර්ධන ව්‍යාපෘතීන් කෙරෙහි සෘජුව බලපායි. විශ්වවිද්‍යාල තුල සිටින්නේද එවන් තාරුණ්‍යයක අග්‍රගන්‍ය එලයක් නොවන්නේද ? ඔවුන් ළදරුවන් නොවේ. රටක දේශපාලන තීන්දු තීරණ කෙරෙහි ශක්‍රීයව දායකවීමේ ශක්‍යතාවයක් හා පරිචයක් මෙන්ම අයිතියක්ද ඔවුනට ඇති බව මාගේ විශ්වාසයයි. මට දැනෙන අනෙක් ...