Posts

Showing posts from April, 2013

ඉතිහාසයේ කාබන් කොපි...............!

Image
සමහර විද්වතුන්ගේ අදහස හා එකඟව යමින් ඉතිහාසයේ කාබන් කොපියක් වර්තමානය තුල දිගහැරෙමින් පවතින බව පිළිගනිමි. රටේ ඉතිහාසය පමණ නොව ලෝක ඉතිහාසය තුල වුවද මේ බව සනාත කිරීමට කරුණු කාරණා සොයා ගැනීම එතරම් අපහසු කාරණයක් නොවේ. විසිවන සියවසේ මහා ප්‍රාඥයා යැයි සැලකෙන ඇල්බට් අයිස්ටයින්ගේ සාපේක්ෂතා වාදයට අනුව කරලියට පැමිණුනත් වසර 2500 කට වඩා එපිට ඉතිහාසයකදී බුදුන් වහන්සේ විසින් ලෞකික පරමාර්ථ වල සාපේක්ෂතාවය මැනැවින් විග්‍රහ කර තිබේ.  ඒ අනුව කිසිදාක හොඳ-නරක, යස-අයස, ලාභ-අලාභ, නින්දා-ප්‍රසංසා, දුක-සැප, සුදු-කලු, උස්-මිටි යනාදී එකී මෙකී නොකී කිසිවක් ඉතිහාසය තුල දීර්ඝ කාලීනව අඛණ්ඩව ස්ථීරව පැවතී නැත. ස්වාභාව ධර්මයේ සාපේක්ෂතාවය මඟින් මේවා මනාව කළමණාකරණය කෙරී තිබේ. අනාගතය තුල වුවද එයම සිදුවනු නොඅනුමානය. අපේ ඉතිහාසය සියුම්ව විශ්ලේෂණය කරනවිට උක්ත කාරණය මැනැවින් අවබෝධ කරගත හැකිය. "බැමිණිතියා සාය" වැනි මහා නියඟයන්ගෙන් බැට කෑ අප, ශෂ්‍ය සම්පත් වලින් ආඩ්‍ය වී නොනැවත අතිරික්ත නිෂ්පාදන අපනයනය කරන්නට තරම් සශ්‍රීක වූ "මහා පැරකුම් යුග" පසුකර පැමිණුනෙමු.  බුද්ධදාස වැනි "රජ වෙදුන්" හා ව