Posts

Showing posts from 2013

ඉතිහාසයේ කාබන් කොපි...............!

Image
සමහර විද්වතුන්ගේ අදහස හා එකඟව යමින් ඉතිහාසයේ කාබන් කොපියක් වර්තමානය තුල දිගහැරෙමින් පවතින බව පිළිගනිමි. රටේ ඉතිහාසය පමණ නොව ලෝක ඉතිහාසය තුල වුවද මේ බව සනාත කිරීමට කරුණු කාරණා සොයා ගැනීම එතරම් අපහසු කාරණයක් නොවේ. විසිවන සියවසේ මහා ප්‍රාඥයා යැයි සැලකෙන ඇල්බට් අයිස්ටයින්ගේ සාපේක්ෂතා වාදයට අනුව කරලියට පැමිණුනත් වසර 2500 කට වඩා එපිට ඉතිහාසයකදී බුදුන් වහන්සේ විසින් ලෞකික පරමාර්ථ වල සාපේක්ෂතාවය මැනැවින් විග්‍රහ කර තිබේ.  ඒ අනුව කිසිදාක හොඳ-නරක, යස-අයස, ලාභ-අලාභ, නින්දා-ප්‍රසංසා, දුක-සැප, සුදු-කලු, උස්-මිටි යනාදී එකී මෙකී නොකී කිසිවක් ඉතිහාසය තුල දීර්ඝ කාලීනව අඛණ්ඩව ස්ථීරව පැවතී නැත. ස්වාභාව ධර්මයේ සාපේක්ෂතාවය මඟින් මේවා මනාව කළමණාකරණය කෙරී තිබේ. අනාගතය තුල වුවද එයම සිදුවනු නොඅනුමානය. අපේ ඉතිහාසය සියුම්ව විශ්ලේෂණය කරනවිට උක්ත කාරණය මැනැවින් අවබෝධ කරගත හැකිය. "බැමිණිතියා සාය" වැනි මහා නියඟයන්ගෙන් බැට කෑ අප, ශෂ්‍ය සම්පත් වලින් ආඩ්‍ය වී නොනැවත අතිරික්ත නිෂ්පාදන අපනයනය කරන්නට තරම් සශ්‍රීක වූ "මහා පැරකුම් යුග" පසුකර පැමිණුනෙමු.  බුද්ධදාස වැනි "රජ වෙදුන්" හා ව

සතන් සමාගමෝ............!

Image
ජීවිතයේ මෙතෙක් ගෙවා ආ ගමන් මඟ දෙස ආපසු හැරී බලන විට පසුකර පැමිණි මාවත දුක වේදනාව සතුට කඳුල පිරි, සුන්දර හා කටුක මතකයන්ගෙන් රැඳුන කාලච්චේදයක් වූවත් දැන්නම් ඒ හැම සුන්දර මතක සටහන්ම පමණක් වි ඇතැයි සිතේ.  දිවා විවේකය ලැබුණ පාසල් ජීවිතයේ දිනෙකදී බඩ කට පිරෙන්නට කරාමය ඇර වතුර බිවූ දිනයක ඒ දුටු මිතුරෙකු ගෙදරින් පොතක් ගැනීමට දුන් කාසි කොළ කීපයක් මා අත මිටමොළවා කැටිමට එක්ක ගිය මතකය තවමත් මා හිතේ කොනක සුරැකිව ඇත. පැපොල වසංගතය හේතුවෙන් සියලු අභ්‍යන්තර - භාහිර නේවාසිකාගාර වසා දැමුන කාලයක, අන් සියලු සරසවි මිතුරන් තම නිවෙස් බලා ගියමුත් ශිෂ්‍ය දේශපාලන වැඩ කටයුතු වෙනුවෙන් නේවාසිකාගාරයේ තනිවූ අප කිහිප දෙනෙකු කුස්සිය මුල්ලේ තිබූ පොල්කටු එකතුකර නගරයේ ලොන්ඩරියකට විකුණා ලැබුණ සොච්චම් මුදලින් දින කීපයක් බඩ පුරවාගන්නට ගත් උත්සාහය තවම මා සිතින් අමතකව නැත. අතේ සතේ නැතිව අන්ත අසරණ වූ අවස්ථාවලදී පරිස්සමට මඟහැර ගිය මෙන්ම අතමිට යහමින් මුදල් ගැවසුන කාලවල මා වටා රොද බැඳ සිටි මිත්‍ර ප්‍රතිරූපකයන් දහස් ගණනක් අතර එදා පාසැල් ජීවිතයේ සිට සරසවි ජීවිතය හරහා මේ දක්වා මා අතනොහැර එකාවන්ව සිටි කල්‍යාණ මිත්‍රයන් සැබැවි