Posts

Showing posts from 2014
Image
 සිහිනක් නොවූ අතීතය මේ ෆොටෝ එක මීට කලින් දවසක හදිස්සියේ දැම්මට මොකද ඒත් එක්ක ගෑවිච්ච, අතීතය පළාගෙන මතු වෙවී හිත කොනිත්තන මතකයක් මේ වෙලාව වෙනකොටත් හිත කොනක පිනුම් ගහනවා. ඒ නිසා මේ සටහන ලියන්න ම ඕන කියල හිතුනා.  අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ දකණු ගේට්ටුවට දකුණු පැත්තෙන් තිබුණ පරිගණක විද්‍යාගාරයට එහා පැත්තේ තිබුණ තාප්පය තමා අපේ කුරුබිලිය උනේ. තාප්පෙට උඩින් කටු කම්බි ගහල ආරක්ෂා කරල තිබුණත් අපේ රහස් මාර්ගය වහන්න ඒ උපක්‍රම ශක්තිමත් උනේ නෑ. තාප්පෙට උඩින් කස්තිරම ගහල දැන් ඔය වික්ටරි රෝහල (යුධ හමුදා රෝහ ල) තියෙන පැත්තෙන් හැංගිලා පූජා නගරෙට පැන ගන්නවා. ගොඩක් වෙලාවට අපේ ප්‍රධාන ඉලක්කය උනේ ඉසුරුමුණිය විහාරය. බැතිමත්තු ඉතාම භක්තියෙන් පඬුරු වක්කරන, කම්බි දැල් වලින් වටකරපු තැනක් තියෙනවා ඒ ගල් පර්වතය මුදුනේ. ගියපු අය දන්නවා ඇති අන්ධ භක්තිකයෝ ආවේශයෙන් වගේ කාසී අතෑරියාට එතන තියෙන්නේ පුරාණ සෙල් ලිපියක්, ඒකේ ආරක්ෂාවට තමා ආවරණය කරල තියෙන්නේ. (අනේ අම්මපා මෙහෙමත් දානපතියෝ) කම්බි දැල නිසා සල්ලි එළියට ගන්න මාර ගේමක් දෙන්න වෙනවා. අනෙක තියෙන කාලය ඉතා සීමිතයි. යුනිෆෝම් එක නිසා අපි ගැන අවධානය වැඩියි

රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා.......!

Image
රන් හිරු මඩලින් සිහිලස අයදිනවා පුන් සඳ පහනින් උණුහුම අයදනවා ලෝකය බිහි වූ දා සිට අරුමෙකි මිනිසා ගිරි හිස ඉඳුවර සොයමින් ලතැවෙනවා....... සයුරේ පැන්පත සොයමින් වැළපෙනවා කතරේ කෙන්බිම දකිමින් රැවටෙනවා දිළිසෙන දිය රැළි මාලා නෙත පුරවා නෙක මායා මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා........ ගමනේ මං පෙත දවසක නිම වෙනවා ලද දේ කල කී දේ හිත හඩවනවා නිවැරදි හැම සඟවාලා වරදට මල්දම් දාලා                                                          රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා..... ... v                               ' සබ්බේ සත්තා උන්මත්තකා ' කියල බුදුන් වහන්සේ කියල තියෙනවනෙ. ඉතිං ඉපදුන දවසෙ ඉඳල මනසින් මවාගත්ත ලෝකයක් ඇතුලෙ තමයි හැමෝම ජීවත් වෙන්නෙ. පිස්සෙකුටත් තියෙනව ලෝකයක්. ඒ ලෝකෙ ඇතුලෙ එයාගෙ හැම සිතිවිල්ලක්ම සංතර්පණය කරගන්නවා එයාටම ආවේනික රාමුවක ඉඳල. හැබැයි කවදාවත් පිස්සෙක් කියනවා මම අහල නෑ එයාට පිස්සු කියල. (හැම නිරෝගි මිනිහෙකුටම 6% ක් පිස්සු කියල සිග්මන් ප්‍රොයිඩ් කියලත් තියනවනෙ). ' නෙත පුරවා නෙක මායා - මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා '   

වේදිකාවෙන් මහ පොළොවට ......!

Image
රජරට වැව් බොහොමයක් දැන් රොන්මඩ පිරිලා ගොඩ වෙලා. පින්නටත් පිරෙනවා. හඳ එළියට ආයෙත් හිඳෙනවා. තියෙන ටිකෙත් ජපන් ජබර, සැල්වීනියා බෝ වෙලා අභාවයට ගිහින්.... පායන කාලෙට ගිනි කූටකේට පිච්චෙනවා. මෝසම් කාලෙට හැමදේම යට කරගෙන ගලන්න ගන්නවා. නියඟෙන් බැට කාලා ඉවර වෙනකොට ම ගංවතුර තර්ජනය පටන් ගන්නවා. ඒ අතර පතරින් සුළි සුළං කුණාටු හමන්නවා. මිනිස්සු හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ ඒක දෛවය විසින් තමන්ට දීපු උරුමයක් කියලා. අනෙක් පැත්තෙන් ඒකත් කරුමේ කියල හිතන්න ඔවුන්ට කවුරුහරි පුරුදු කරල.... වෙහෙරක් අහිමි වෙච්ච කෙනෙකුට අග්ගලයක් දීල වැඩක් නෑ. හරක් පට්ටියක් නැතිවෙච්ච කෙනෙකුට කෙවිටකින් වැඩක් නෑ. ඒත් රජයක් එහෙම කරන්න ඕන, ජනතාව වෙනුවෙන් නෙවේ, පැවැත්ම වෙනුවෙන්. මේ දෙන්නේ තෑගි නෙවෙයි. දෙන්නේ මගේ සාක්කුවෙනුත් නෙවෙයි. මේක රාජකාරියක්. ඒ වෙනුවෙන් ආණ්ඩුවෙන් මට පැය අටකට ගෙවනවා. හැබැයි මම මිනිස්සු වෙනුවෙන් පැය දාසයක් වැඩ කරනවා. ඒකට ඒ මිනිස්සු මට ගෙවනවා. ඒත් ඒ සල්ලි වලින් නෙවෙයි, හිනාවෙන්, ආදරයෙන්, කරුණාවෙන්, ලෙන්ගතු කමින්. ඒ නිසා ඔවුන් වෙනුවෙන් වගකීමට එහා ගිය යුතුකමක් හිතේ ඇඳෙනවා. මගේ සුව පහසු පුටුව ඉස්සරහ තියෙන දැවැන