Posts

Showing posts from 2012

මිනිසා දේශපාලන සත්වයෙකි.......! එසේ නම් සරසවි ශිෂ්‍යයා?

" මිනිසා ලිංගික සත්වයෙක්" යැයි කියූවේ සිග්මන් ප්‍රොයිඩ්ය. එතෙක් කරලියේ පැවතුන පිළිගැනීම වූයේ "මිනිසා දේශපාලන සත්වයෙක්" ය යන ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කරන ලද අදහසයි. මේවා හරි හෝ වැරදි විය හැකිය. එය වෙනම ම කාරණයකි. කෙසේ වෙතත් දේශපාලනය යනු මසට සම සේ , ගසට පොත්ත සේ මානවයාගේ ජීවිතය හා සබැඳුන ක්‍රියාදාමයකි. "අපි ඉපදෙන්නත් දේශපාලනය බලපානව කියලයි මට හිතෙන්නේ" යනුවෙන් අප මිතුරු ඔසී පවසනවා ඇත්තේද එයම විය යුතුය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තමන් කැමති දේශපාලන මතවාදයක් දැරීම සඳහා සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකමක් තිබිය යුතුය. විශ්වවිද්‍යාල සිසුන් එයින් වියුක්තද ? රටක ජීවනාලිය ලෙස සැලකෙන්නේ තරුණ පරපුරයි. ඔවුන්ගේ ජවය හා ශක්තිය මෙන්ම නැවුම් මතවාද හා ආකල්ප ද රටේ සංවර්ධන ව්‍යාපෘතීන් කෙරෙහි සෘජුව බලපායි. විශ්වවිද්‍යාල තුල සිටින්නේද එවන් තාරුණ්‍යයක අග්‍රගන්‍ය එලයක් නොවන්නේද ? ඔවුන් ළදරුවන් නොවේ. රටක දේශපාලන තීන්දු තීරණ කෙරෙහි ශක්‍රීයව දායකවීමේ ශක්‍යතාවයක් හා පරිචයක් මෙන්ම අයිතියක්ද ඔවුනට ඇති බව මාගේ විශ්වාසයයි. මට දැනෙන අනෙක්

බැද්දෙ වසන්නට තිබුණා නම්?

                               පැන පැන ගල්තලා මතුපිට පාද තබා කරදර උනා කුඹුකේ බෙනයකට ඔබා කර පිට නැගී බඩ පිනුමට ඔට්ටු තබා වක්කලමේ දිය කෙලියට වරෙන් අබා යකඩ වතුර මල දාහය නංවනවා සිහිවී යාන් ඔය හදවත පිච්චෙනවා කොලු රංචුවේ මතකය සිත නලියනවා                    මිතුරේ අභය මම හෙට ගම රට එනවා...

පාරමී....

      හීන ගෙනෙන දුර අහසේ දේදුන්න මවා විසුල සතුටු සිනා කඳුලු මම එකතු කළා ඉක්මනින්ම එන දවසක මගේ සිත සොයා පළඳමි හිස ඒ කඳුලින් මිණි කිරුළු තනා ............ වෙලා සිත් දැහැන් රැහැණින් ප්‍රේම නිම්තෙරේ සීත මඳ නළට කියමින් ඒ කතන්දරේ පාරමී පුරා විඳිමින් සෙනෙහෙ අන්දරේ එක්වෙලා රැඳෙමු සිහිනෙන් මතක මන්දිරේ............

--දියවන්නා මාලිගාව--

එන නිසාම යන යන නිසාම එන එන්නට බලාගෙන යන ගියත් නෑවිත්ම ඉන්න ඇවිත් නොයන්නම හිතන් ඉන්න කන - බොන ගයන - වයන - නටන බොරු කකුල් - වෙස්මුහුණු පළඳින මඩි ගහන - පා ලොවන ගිනි පිඹින - බෙලි කපන හොරි කහන - ගුණ ගයන ඒ හැවොම අඩු නැතිය රට හදන තැන මෙතැන

මචං...!

v   .... ඒ මට නැත්තටම නැති කාලෙ. උඹට කියලත් එහෙමට දෙයක් තිබුනෙ නැහැ. මම කෙල්ල බලන්ඩ ඇඳගෙන ගියෙ උඹේ ඩෙනිම , ටී ෂර්ට් එක. උඹ   ටියුෂන් පාරක් දාලා කීයක්හරි හොයාගන්න ගියෙ මගෙ කබල් බයිසිකල් කට්ට ඉල්ලගෙන. ඒ කාලෙ ඒ ගැන උඹටවත් මටවත් ලැජ්ජාවක් හිතුනෙ නැහැ. ඒ අපි එකම පංතියෙ හිටියනිසා වෙන්න ඇති.   ඒත් අද ? මඟුල් ගෙදරක යන්න හයර් එකට ගන්නවා මිසක් මට උඹේ කෝට්බෑය ඉල්ලන්න හිතෙන්නෙ නැහැ. පොඩි එකාට බෙහෙත් ගේන්න හයර් එකට ගත්ත ත්‍රීවිලර් එකක ගියත් උඹ මගේ පරණ බයික් එක ඉල්ලන්නෙත් නැහැ. ඒ අපි දැන් පංති දෙකක කියල උඹත් මමත් හිතන නිසා වෙන්න ඇති. ඒත් ඇත්තටම හිතුවොත් මට වෙලාවකට හිතෙනවා උඹත් මමත් තවමත් එකම පංතියේම නේද කියලා.....!

ප්‍රශ්ණ ඇසීම අවසානය....!

  " ඔව් වෙඩි තියමු. හැබැයි ඊට කලින් මතක තියාගන්න ගිනිකඳයගෙ බටේ තමන්ගෙ නළලට තියාගන්න. මොකද ඔයවගේ ප්‍රශ්ණ අහනවුන් ඕන නෑ සංස්කෘතියකට. ඉස්සර හිටපු එවුනුත් මකබෑවිලාම ගියා. හැමදේටම හූමිටි තියාගෙන ගොළුවො බීරො වගේ ඉන්න හනමිටිකාරයො ටිකක් හිටියාම හොඳටම ඇති මේ වගේ රටකට!!."