Posts

කැකුළු තනේ අල්ලන්නේ පොඩි වෙන්ඩ.....!

Image
“පෙදෙහි රසහව් විදුනා - දෙනෙතා ඉතා දුලබෝ“ මේ කව්සිළුමිණ රචකයා මිනිස් සමාජය තුල සාහිත්‍ය රසවින්දනය පවතින ආකාරය ගැන කියන හැටි. මේ දෙපැදියෙන් ගම්‍යවන සෘජු අදහස “සමාජයේ වෙසෙන අය අතරින් කවියක් කතාවක් සංගීතයක් රසවිඳින්නට හැකි අය ඉතා අල්පතර බව“ නමුත් ඉන් එහා ගිය “බමුණු“ මතවාදයක් මට ඒ තුල මැවී පෙනේ. එනම්, සාහිත්‍යය යනු “උගත්, බුද්ධිමත්, සතතාභ්‍යාසයෙන් කලා ශිල්පයන් ප්රගුණ කළ අයවලුන් හට පමණක් ගෝචර වන“ විෂයයක් බවට ඔසවා තබා ඇති බවයි. ඒ අනුව රසවින්දනය සාමාන්‍ය ජනයාගෙන් ඈත්කොට තබන්නට ඔවුන් උත්සහ දරා ඇතැයි සැකයක් ඉපදීම වැළැක්විය නොහැක්කකි. මේ කිසිවක් ආයාසයෙන් ප්රගුණ නොකළා වූ වද, අපේ ජන කවියා විශිෂ්ඨ ගණයේ නිර්මාණ බිහිකර ඇතිවාට සැක නැත. “සෘංගාර රසය“ කියන්නේ සාහිත්‍ය රස බෙදා දක්වන “නව නලු රස“ ට අයත් එකක්. බලන්න, ගැමි ජනයා තම ජන කවි තුලට සෘංගාරය ඔබ්බවා ඇති අාකාරය කොතරම් නම් අපූරු ද? //මල් මතිනේ මල් මතිනේ රේණු තනේ කිරි ඉඹුලේ කොළතර ලඟින මොනරුනේ ආවට වෙනුව නෑ නොකියා දුන්නු තනේ කිරිසිඳපව් පොඩි නොකරව් කැකුළු තනේ මේ පිළිතුරු කවිය.... //කුකුළුවනේ අඬලන්නේ එළිවෙන්ඩ මකුළුවනේ දැල්ලන්නේ මස් කන්ඩ බඔරිදුන

හමස් පෙට්ටිය

Image
මේකට ඉංගිරිසියෙන් කියන්නේ Pigeon hole කියල තමයි මධුර ඩික්ෂනරියේ නම් තියෙන්නේ. ඒත් pigeon hole කියන එකේ තේරුම තියෙන්නේ මෙහෙම. 1.“a small recess for a domestic pigeon to nest in“ 2.“each of a set of small open-fronted compartment in a work place or other organization where letters or messages may be left for individuals“ සුද්දට අනුව නම් Pigeon hole කියන්නේ නිතර භාවිතා වන දෙයක්. pigeon hole concept කියල ගණිතමය සංකල්පයකුත් තියෙනවා. ඒත් අපේ භාෂා ව්‍යවහාරය අනුව “හමස් පෙට්ටිය“ භාවිතා වෙන්නේ මීට සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථයකින්. කිසිදා භාවිතා නොවන, අනවශ්‍ය හෝ ඉතා කලාතුරකින් අවශ්‍යවන දේ තැන්පත් කිරීම තමයි ඒකේ භාවිතාව. ජනවහරේ කියැවෙන ආකාරයට කිසිදා නොකෙරෙන දේ තමයි හමස් පෙට්ටි ඇතුලේ තියෙන්නේ. මේ යෙදුම් අනුව එය මනාව පැහැදිලි වේ. “චන්ද පොරොන්දු හමස් පෙට්ටියට ගියා“ “හමස් පෙට්ටිය තුල පුස්කමින් තිබූ ඖෂධ ප්රතිපත්තිය“ “අධ්‍යාපන ප්රතිසංස්කරණ යෝජනා හමස් පෙට්ටියේ“ හමස් පෙට්ටිය ගැන සිංහල භාෂා විශාරදයෙකු වන ඩී.එෆ්.කාරියකරවන මහතා කියන්නේ, එය “හය මාසයකට“ පමණ වරක් අරින පෙට්ටියක් යන අරුතින් ඒ නම යෙදී

හීන සොඳුරියෙ ඒත් මිහිරියි....!

Image
මට දැන් වෙහෙසයි මේ හිස් බැල්ම අපුලයි පියවර සළකුණු අතර ලියැවුන පදවැල් කියන්නට නොහැකියි.... හිස්තැන් එහෙමම පවතියි ඉඳහිට පිරෙණ හැටි කදිමයි නින්ද තරහින් මුමුණයි සතුට විදියට දුකම දලුලයි...... නුඹ ළඟ හරි අඩක් ඉතිරියි අනෙක් අඩ මම තවම සුරකියි එකතු කර නොකර මිය යයි හීන සොඳුරියෙ ඒත් මිහිරියි....!

ජේෆ්රි බාවා ගේ නිර්මාණ කෞෂල්‍යය...!

Image
පළමු පිංතූරේ තියෙන්නේ හුණුපිටිය ගංගාරාමයේ “සීමාමාලකය“ දෙවැනි පිංතූරේ ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ. මේ දෙකම තියෙන්නේ බේරේ වැව මැද. මඩ වගුරු උඩ කරපු අපූරු ඉදිකිරීම් දෙකක්. මේ දෙකේම නිර්මාණ ශිල්පියා වෙන්නේ ශ්‍රී ලංකාවේ හිටිය වඩාත්ම කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියා වන අසහාය ගෘහ නිර්මාණ ශිල්පී ‍“දේශමාන්‍ය ජේෆ්රි බාවා“ මහත්මයා. සීමාමාලකය ඉදිකරන්න ඔහු ආභාෂය අරන් තියෙන්නේ ඇම්බැක්කේ දේවාලයේ භාවිතා කර ඇති ගෘහ නිර්මාණ ශිල්පීය විධි ක්රම. දියවන්නාවේ නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට ආදර්ශය වෙලා තියෙන්නේ ගංගාරාමේ ඉදිකළ සීමාමාලකය. මේ නිර්මාණ දෙකම අපේ පෞරාණික ගෘහ නිර්මාණ ශිල්ප කලාවේ අද්විතීය විශිෂ්ඨත්වය ලොවට විදහා දක්වමින් තවත් බොහෝ කාලයක් අනාගතය සඳහා පවතිනු ඇත.....!

“ප්‍රාචීණ ඛණ්ඩ රාජ්‍ය“ හෙවත් “සැදුම්කඩ‍ෙදාර“

Image
“මහරජ ගැමුණු“ සිනමා නිර්මාණය ඔබ නැරඹුවා නම්, මේ එහි “මිත්‍ර“ සෙනවියා විසින් “නන්දිමිත්‍ර“ ගේ පියා මරා දමන ජවනිකාවට අදාල සත්‍ය සිදුවීම දිගහැරුණ ප්‍රදේශය.....! ------------------------------------------------------------------------------------------ නත්තල් නිවාඩුව සමඟ යෙදුන දීර්ඝ සති අන්තය ඈත වන්නියේ දී ගතකරන්න ඕන කියල ප්ලෑන් කළේ මාස කීපයකට කලින්ම ඉඳල. ඇත්තටම ඒක අතිශය නිස්කලංක පරිසරයක, කාලෙකට පස්සේ උපරිම නිදහසේ ගතකරපු සුන්දර නිවාඩුවක් උනා. 'උත්තර පස්ස' හෙවත් 'උත්තර දේශ' යනු ක්‍රි.පූ. යුගයේ දී පැරණි අනුරාධපුර රාජධානියේ උතුරු කොටස හැඳින්වූ නමක්. මෙයට අයත් වූ “වැව්-නිමාව“ නොහොත් වර්තමානයේ වව්නියාව නමින් හඳුන්වන, සිංහල රාජධානියේ සීමාව ලෙස පැවතුන කොටසේ පිහිටා තිබූ “ප්‍රාචීණ ඛණ්ඩ රාජ්‍ය“ එහෙමත් නැත්නම් “සැදුම්කඩ‍ෙදාර“ පුවර ගම්මානය කියන්නෙ ඓතිහාසිකව ඉතා වැදගත්, අපේ ඉතිහාසයේ සුවිශේෂි සුවිශාල පදාසයක් වසාගත් ප්‍රදේශයක්. මේ පළාත තමයි දුටුගැමුණු රජතුමාගේ අභීත සෙන්පතියෙක් වෙච්ච “නන්දිමිත්‍ර“ යෝධ සෙනවියාගේ ජන්ම භූමිය. මේ කොටස අද වෙනකොට අයිති වෙන්නේ වව්නියාව දකුණු (ස
Image
 සිහිනක් නොවූ අතීතය මේ ෆොටෝ එක මීට කලින් දවසක හදිස්සියේ දැම්මට මොකද ඒත් එක්ක ගෑවිච්ච, අතීතය පළාගෙන මතු වෙවී හිත කොනිත්තන මතකයක් මේ වෙලාව වෙනකොටත් හිත කොනක පිනුම් ගහනවා. ඒ නිසා මේ සටහන ලියන්න ම ඕන කියල හිතුනා.  අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ දකණු ගේට්ටුවට දකුණු පැත්තෙන් තිබුණ පරිගණක විද්‍යාගාරයට එහා පැත්තේ තිබුණ තාප්පය තමා අපේ කුරුබිලිය උනේ. තාප්පෙට උඩින් කටු කම්බි ගහල ආරක්ෂා කරල තිබුණත් අපේ රහස් මාර්ගය වහන්න ඒ උපක්‍රම ශක්තිමත් උනේ නෑ. තාප්පෙට උඩින් කස්තිරම ගහල දැන් ඔය වික්ටරි රෝහල (යුධ හමුදා රෝහ ල) තියෙන පැත්තෙන් හැංගිලා පූජා නගරෙට පැන ගන්නවා. ගොඩක් වෙලාවට අපේ ප්‍රධාන ඉලක්කය උනේ ඉසුරුමුණිය විහාරය. බැතිමත්තු ඉතාම භක්තියෙන් පඬුරු වක්කරන, කම්බි දැල් වලින් වටකරපු තැනක් තියෙනවා ඒ ගල් පර්වතය මුදුනේ. ගියපු අය දන්නවා ඇති අන්ධ භක්තිකයෝ ආවේශයෙන් වගේ කාසී අතෑරියාට එතන තියෙන්නේ පුරාණ සෙල් ලිපියක්, ඒකේ ආරක්ෂාවට තමා ආවරණය කරල තියෙන්නේ. (අනේ අම්මපා මෙහෙමත් දානපතියෝ) කම්බි දැල නිසා සල්ලි එළියට ගන්න මාර ගේමක් දෙන්න වෙනවා. අනෙක තියෙන කාලය ඉතා සීමිතයි. යුනිෆෝම් එක නිසා අපි ගැන අවධානය වැඩියි

රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා.......!

Image
රන් හිරු මඩලින් සිහිලස අයදිනවා පුන් සඳ පහනින් උණුහුම අයදනවා ලෝකය බිහි වූ දා සිට අරුමෙකි මිනිසා ගිරි හිස ඉඳුවර සොයමින් ලතැවෙනවා....... සයුරේ පැන්පත සොයමින් වැළපෙනවා කතරේ කෙන්බිම දකිමින් රැවටෙනවා දිළිසෙන දිය රැළි මාලා නෙත පුරවා නෙක මායා මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා........ ගමනේ මං පෙත දවසක නිම වෙනවා ලද දේ කල කී දේ හිත හඩවනවා නිවැරදි හැම සඟවාලා වරදට මල්දම් දාලා                                                          රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා..... ... v                               ' සබ්බේ සත්තා උන්මත්තකා ' කියල බුදුන් වහන්සේ කියල තියෙනවනෙ. ඉතිං ඉපදුන දවසෙ ඉඳල මනසින් මවාගත්ත ලෝකයක් ඇතුලෙ තමයි හැමෝම ජීවත් වෙන්නෙ. පිස්සෙකුටත් තියෙනව ලෝකයක්. ඒ ලෝකෙ ඇතුලෙ එයාගෙ හැම සිතිවිල්ලක්ම සංතර්පණය කරගන්නවා එයාටම ආවේනික රාමුවක ඉඳල. හැබැයි කවදාවත් පිස්සෙක් කියනවා මම අහල නෑ එයාට පිස්සු කියල. (හැම නිරෝගි මිනිහෙකුටම 6% ක් පිස්සු කියල සිග්මන් ප්‍රොයිඩ් කියලත් තියනවනෙ). ' නෙත පුරවා නෙක මායා - මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා '