සතන් සමාගමෝ............!
ජීවිතයේ මෙතෙක් ගෙවා ආ ගමන් මඟ දෙස ආපසු හැරී බලන විට පසුකර පැමිණි මාවත දුක වේදනාව සතුට කඳුල පිරි, සුන්දර හා කටුක මතකයන්ගෙන් රැඳුන කාලච්චේදයක් වූවත් දැන්නම් ඒ හැම සුන්දර මතක සටහන්ම පමණක් වි ඇතැයි සිතේ.
දිවා විවේකය ලැබුණ පාසල් ජීවිතයේ දිනෙකදී බඩ කට පිරෙන්නට කරාමය ඇර වතුර බිවූ දිනයක ඒ දුටු මිතුරෙකු ගෙදරින් පොතක් ගැනීමට දුන් කාසි කොළ කීපයක් මා අත මිටමොළවා කැටිමට එක්ක ගිය මතකය තවමත් මා හිතේ කොනක සුරැකිව ඇත.
පැපොල වසංගතය හේතුවෙන් සියලු අභ්‍යන්තර - භාහිර නේවාසිකාගාර වසා දැමුන කාලයක, අන් සියලු සරසවි මිතුරන් තම නිවෙස් බලා ගියමුත් ශිෂ්‍ය දේශපාලන වැඩ කටයුතු වෙනුවෙන් නේවාසිකාගාරයේ තනිවූ අප කිහිප දෙනෙකු කුස්සිය මුල්ලේ තිබූ පොල්කටු එකතුකර නගරයේ ලොන්ඩරියකට විකුණා ලැබුණ සොච්චම් මුදලින් දින කීපයක් බඩ පුරවාගන්නට ගත් උත්සාහය තවම මා සිතින් අමතකව නැත.

අතේ සතේ නැතිව අන්ත අසරණ වූ අවස්ථාවලදී පරිස්සමට මඟහැර ගිය මෙන්ම අතමිට යහමින් මුදල් ගැවසුන කාලවල මා වටා රොද බැඳ සිටි මිත්‍ර ප්‍රතිරූපකයන් දහස් ගණනක් අතර එදා පාසැල් ජීවිතයේ සිට සරසවි ජීවිතය හරහා මේ දක්වා මා අතනොහැර එකාවන්ව සිටි කල්‍යාණ මිත්‍රයන් සැබැවින්ම මා ලද සම්පත්‍යයක්ම වේ.
මා හැමදාම විශ්වාස කරන දෙයක් ඇත. ඒ "මිතුරන් සල්ලි වලට ගත නොහැක" යන්නයි.
මා හැමදාම විශ්වාස කරන දෙයක් ඇත. ඒ "මිතුරන් සල්ලි වලට ගත නොහැක" යන්නයි.
ජීවිතය සුන්දරද මෙතරම්..........!
Comments
Post a Comment