රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා.......!

රන් හිරු මඩලින් සිහිලස අයදිනවා පුන් සඳ පහනින් උණුහුම අයදනවා ලෝකය බිහි වූ දා සිට අරුමෙකි මිනිසා ගිරි හිස ඉඳුවර සොයමින් ලතැවෙනවා....... සයුරේ පැන්පත සොයමින් වැළපෙනවා කතරේ කෙන්බිම දකිමින් රැවටෙනවා දිළිසෙන දිය රැළි මාලා නෙත පුරවා නෙක මායා මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා........ ගමනේ මං පෙත දවසක නිම වෙනවා ලද දේ කල කී දේ හිත හඩවනවා නිවැරදි හැම සඟවාලා වරදට මල්දම් දාලා රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා..... ... v ' සබ්බේ සත්තා උන්මත්තකා ' කියල බුදුන් වහන්සේ කියල තියෙනවනෙ. ඉතිං ඉපදුන දවසෙ ඉඳල මනසින් මවාගත්ත ලෝකයක් ඇතුලෙ තමයි හැමෝම ජීවත් වෙන්නෙ. පිස්සෙකුටත් තියෙනව ලෝකයක්. ඒ ලෝකෙ ඇතුලෙ එයාගෙ හැම සිතිවිල්ලක්ම සංතර්පණය කරගන්නවා එයාටම ආවේනික රාමුවක ඉඳල. ...