කැකුළු තනේ අල්ලන්නේ පොඩි වෙන්ඩ.....!

“පෙදෙහි රසහව් විදුනා - දෙනෙතා ඉතා දුලබෝ“
මේ කව්සිළුමිණ රචකයා මිනිස් සමාජය තුල සාහිත්‍ය රසවින්දනය පවතින ආකාරය ගැන කියන හැටි. මේ දෙපැදියෙන් ගම්‍යවන සෘජු අදහස “සමාජයේ වෙසෙන අය අතරින් කවියක් කතාවක් සංගීතයක් රසවිඳින්නට හැකි අය ඉතා අල්පතර බව“ නමුත් ඉන් එහා ගිය “බමුණු“ මතවාදයක් මට ඒ තුල මැවී පෙනේ. එනම්, සාහිත්‍යය යනු “උගත්, බුද්ධිමත්, සතතාභ්‍යාසයෙන් කලා ශිල්පයන් ප්රගුණ කළ අයවලුන් හට පමණක් ගෝචර වන“ විෂයයක් බවට ඔසවා තබා ඇති බවයි. ඒ අනුව රසවින්දනය සාමාන්‍ය ජනයාගෙන් ඈත්කොට තබන්නට ඔවුන් උත්සහ දරා ඇතැයි සැකයක් ඉපදීම වැළැක්විය නොහැක්කකි.
මේ කිසිවක් ආයාසයෙන් ප්රගුණ නොකළා වූ වද, අපේ ජන කවියා විශිෂ්ඨ ගණයේ නිර්මාණ බිහිකර ඇතිවාට සැක නැත.
“සෘංගාර රසය“ කියන්නේ සාහිත්‍ය රස බෙදා දක්වන “නව නලු රස“ ට අයත් එකක්.
බලන්න, ගැමි ජනයා තම ජන කවි තුලට සෘංගාරය ඔබ්බවා ඇති අාකාරය කොතරම් නම් අපූරු ද?
//මල් මතිනේ මල් මතිනේ රේණු තනේ
කිරි ඉඹුලේ කොළතර ලඟින මොනරුනේ
ආවට වෙනුව නෑ නොකියා දුන්නු තනේ
කිරිසිඳපව් පොඩි නොකරව් කැකුළු තනේ
මේ පිළිතුරු කවිය....
//කුකුළුවනේ අඬලන්නේ එළිවෙන්ඩ
මකුළුවනේ දැල්ලන්නේ මස් කන්ඩ
බඔරිදුනේ රොන් ගන්නේ පැණි බොන්ඩ
කැකුළුතනේ අල්ලන්නේ පොඩි වෙන්ඩ//

Comments

Popular posts from this blog

හමස් පෙට්ටිය

මිනිසා දේශපාලන සත්වයෙකි.......! එසේ නම් සරසවි ශිෂ්‍යයා?