හමස් පෙට්ටිය


මේකට ඉංගිරිසියෙන් කියන්නේ Pigeon hole කියල තමයි මධුර ඩික්ෂනරියේ නම් තියෙන්නේ. ඒත් pigeon hole කියන එකේ තේරුම තියෙන්නේ මෙහෙම.
1.“a small recess for a domestic pigeon to nest in“
2.“each of a set of small open-fronted compartment in a work place or other organization where letters or messages may be left for individuals“
සුද්දට අනුව නම් Pigeon hole කියන්නේ නිතර භාවිතා වන දෙයක්. pigeon hole concept කියල ගණිතමය සංකල්පයකුත් තියෙනවා.
ඒත් අපේ භාෂා ව්‍යවහාරය අනුව “හමස් පෙට්ටිය“ භාවිතා වෙන්නේ මීට සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථයකින්. කිසිදා භාවිතා නොවන, අනවශ්‍ය හෝ ඉතා කලාතුරකින් අවශ්‍යවන දේ තැන්පත් කිරීම තමයි ඒකේ භාවිතාව. ජනවහරේ කියැවෙන ආකාරයට කිසිදා නොකෙරෙන දේ තමයි හමස් පෙට්ටි ඇතුලේ තියෙන්නේ. මේ යෙදුම් අනුව එය මනාව පැහැදිලි වේ.
“චන්ද පොරොන්දු හමස් පෙට්ටියට ගියා“
“හමස් පෙට්ටිය තුල පුස්කමින් තිබූ ඖෂධ ප්රතිපත්තිය“
“අධ්‍යාපන ප්රතිසංස්කරණ යෝජනා හමස් පෙට්ටියේ“
හමස් පෙට්ටිය ගැන සිංහල භාෂා විශාරදයෙකු වන ඩී.එෆ්.කාරියකරවන මහතා කියන්නේ, එය “හය මාසයකට“ පමණ වරක් අරින පෙට්ටියක් යන අරුතින් ඒ නම යෙදී ඇති බවයි.

Comments

Popular posts from this blog

කැකුළු තනේ අල්ලන්නේ පොඩි වෙන්ඩ.....!

මිනිසා දේශපාලන සත්වයෙකි.......! එසේ නම් සරසවි ශිෂ්‍යයා?