හීන සොඳුරියෙ ඒත් මිහිරියි....!

මට දැන් වෙහෙසයි
මේ හිස් බැල්ම අපුලයි
පියවර සළකුණු අතර ලියැවුන
පදවැල් කියන්නට නොහැකියි....
හිස්තැන් එහෙමම පවතියි
ඉඳහිට පිරෙණ හැටි කදිමයි
නින්ද තරහින් මුමුණයි
සතුට විදියට දුකම දලුලයි......
නුඹ ළඟ හරි අඩක් ඉතිරියි
අනෙක් අඩ මම තවම සුරකියි
එකතු කර නොකර මිය යයි
හීන සොඳුරියෙ ඒත් මිහිරියි....!


Comments

Popular posts from this blog

හමස් පෙට්ටිය

කැකුළු තනේ අල්ලන්නේ පොඩි වෙන්ඩ.....!

මිනිසා දේශපාලන සත්වයෙකි.......! එසේ නම් සරසවි ශිෂ්‍යයා?