මිනිසා දේශපාලන සත්වයෙකි.......! එසේ නම් සරසවි ශිෂ්‍යයා?
" මිනිසා ලිංගික සත්වයෙක්" යැයි කියූවේ සිග්මන් ප්‍රොයිඩ්ය. එතෙක් කරලියේ පැවතුන පිළිගැනීම වූයේ "මිනිසා දේශපාලන සත්වයෙක්" ය යන ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කරන ලද අදහසයි. මේවා හරි හෝ වැරදි විය හැකිය. එය වෙනම ම කාරණයකි. කෙසේ වෙතත් දේශපාලනය යනු මසට සම සේ , ගසට පොත්ත සේ මානවයාගේ ජීවිතය හා සබැඳුන ක්‍රියාදාමයකි. "අපි ඉපදෙන්නත් දේශපාලනය බලපානව කියලයි මට හිතෙන්නේ" යනුවෙන් අප මිතුරු ඔසී පවසනවා ඇත්තේද එයම විය යුතුය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තමන් කැමති දේශපාලන මතවාදයක් දැරීම සඳහා සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකමක් තිබිය යුතුය. විශ්වවිද්‍යාල සිසුන් එයින් වියුක්තද ? රටක ජීවනාලිය ලෙස සැලකෙන්නේ තරුණ පරපුරයි. ඔවුන්ගේ ජවය හා ශක්තිය මෙන්ම නැවුම් මතවාද හා ආකල්ප ද රටේ සංවර්ධන ව්‍යාපෘතීන් කෙරෙහි සෘජුව බලපායි. විශ්වවිද්‍යාල තුල සිටින්නේද එවන් තාරුණ්‍යයක අග්‍රගන්‍ය එලයක් නොවන්නේද ? ඔවුන් ළදරුවන් නොවේ. රටක දේශපාලන තීන්දු තීරණ කෙරෙහි ශක්‍රීයව දායකවීමේ ශක්‍යතාවයක් හා පරිචයක් මෙන්ම අයිතියක්ද ඔවුනට ඇති බව මාගේ විශ්වාසයයි. මට දැනෙන අනෙක් ...