මචං...!


v  ....ඒ මට නැත්තටම නැති කාලෙ. උඹට කියලත් එහෙමට දෙයක් තිබුනෙ නැහැ. මම කෙල්ල බලන්ඩ ඇඳගෙන ගියෙ උඹේ ඩෙනිම, ටී ෂර්ට් එක. උඹ  ටියුෂන් පාරක් දාලා කීයක්හරි හොයාගන්න ගියෙ මගෙ කබල් බයිසිකල් කට්ට ඉල්ලගෙන. ඒ කාලෙ ඒ ගැන උඹටවත් මටවත් ලැජ්ජාවක් හිතුනෙ නැහැ. ඒ අපි එකම පංතියෙ හිටියනිසා වෙන්න ඇති. 

ඒත් අද?

මඟුල් ගෙදරක යන්න හයර් එකට ගන්නවා මිසක් මට උඹේ කෝට්බෑය ඉල්ලන්න හිතෙන්නෙ නැහැ. පොඩි එකාට බෙහෙත් ගේන්න හයර් එකට ගත්ත ත්‍රීවිලර් එකක ගියත් උඹ මගේ පරණ බයික් එක ඉල්ලන්නෙත් නැහැ. ඒ අපි දැන් පංති දෙකක කියල උඹත් මමත් හිතන නිසා වෙන්න ඇති.


ඒත් ඇත්තටම හිතුවොත් මට වෙලාවකට හිතෙනවා උඹත් මමත් තවමත් එකම පංතියේම නේද කියලා.....!

Comments

  1. ඔබ කාලයකින් නොදැකීමේ හිත් අමාරුවකුත් තිබුනා... හොඳ ප්‍රවේශයක් ජනක....නොනවත්වා ලියන්න... මමත් මෙහෙම දෙයක් වසර දෙකකට කලින් පටන්ගෙන දැන් අතරමඟ...
    ඔබට සුබපැතුම්...

    අපි එකම පන්තියේ.... ඒ මිනිස් කුලය මිස අන් කිසිවක් නොවේ...

    විපුල

    ReplyDelete
    Replies
    1. පහුගිය කාලේ මට ටිකක් වැඩ වැඩි උනා විපුල මහත්මයෝ. ඉස්සරහට නම් ටිකක් හොඳ කාලයක් එයි වගේ.

      දිරිගැන්වීමට හදවතින්ම ස්තූතියි!

      Delete

Post a Comment

Popular posts from this blog

හමස් පෙට්ටිය

කැකුළු තනේ අල්ලන්නේ පොඩි වෙන්ඩ.....!

මිනිසා දේශපාලන සත්වයෙකි.......! එසේ නම් සරසවි ශිෂ්‍යයා?