බැද්දෙ වසන්නට තිබුණා නම්?

                               පැන පැන ගල්තලා මතුපිට පාද තබා

කරදර උනා කුඹුකේ බෙනයකට ඔබා

කර පිට නැගී බඩ පිනුමට ඔට්ටු තබා

වක්කලමේ දිය කෙලියට වරෙන් අබා



යකඩ වතුර මල දාහය නංවනවා

සිහිවී යාන් ඔය හදවත පිච්චෙනවා

කොලු රංචුවේ මතකය සිත නලියනවා

                   මිතුරේ අභය මම හෙට ගම රට එනවා...

Comments

Popular posts from this blog

හමස් පෙට්ටිය

කැකුළු තනේ අල්ලන්නේ පොඩි වෙන්ඩ.....!

මිනිසා දේශපාලන සත්වයෙකි.......! එසේ නම් සරසවි ශිෂ්‍යයා?