Posts

කැකුළු තනේ අල්ලන්නේ පොඩි වෙන්ඩ.....!

Image
“පෙදෙහි රසහව් විදුනා - දෙනෙතා ඉතා දුලබෝ“ මේ කව්සිළුමිණ රචකයා මිනිස් සමාජය තුල සාහිත්‍ය රසවින්දනය පවතින ආකාරය ගැන කියන හැටි. මේ දෙපැදියෙන් ගම්‍යවන සෘජු අදහස “සමාජයේ වෙසෙන අය අතරින් කවියක් කතාවක් සංගීතයක් රසවිඳින්නට හැකි අය ඉතා අල්පතර බව“ නමුත් ඉන් එහා ගිය “බමුණු“ මතවාදයක් මට ඒ තුල මැවී පෙනේ. එනම්, සාහිත්‍යය යනු “උගත්, බුද්ධිමත්, සතතාභ්‍යාසයෙන් කලා ශිල්පයන් ප්රගුණ කළ අයවලුන් හට පමණක් ගෝචර වන“ විෂයයක් බවට ඔසවා තබා ඇති බවයි. ඒ අනුව රසවින්දනය සාමාන්‍ය ජනයාගෙන් ඈත්කොට තබන්නට ඔවුන් උත්සහ දරා ඇතැයි සැකයක් ඉපදීම වැළැක්විය නොහැක්කකි. මේ කිසිවක් ආයාසයෙන් ප්රගුණ නොකළා වූ වද, අපේ ජන කවියා විශිෂ්ඨ ගණයේ නිර්මාණ බිහිකර ඇතිවාට සැක නැත. “සෘංගාර රසය“ කියන්නේ සාහිත්‍ය රස බෙදා දක්වන “නව නලු රස“ ට අයත් එකක්. බලන්න, ගැමි ජනයා තම ජන කවි තුලට සෘංගාරය ඔබ්බවා ඇති අාකාරය කොතරම් නම් අපූරු ද? //මල් මතිනේ මල් මතිනේ රේණු තනේ කිරි ඉඹුලේ කොළතර ලඟින මොනරුනේ ආවට වෙනුව නෑ නොකියා දුන්නු තනේ කිරිසිඳපව් පොඩි නොකරව් කැකුළු තනේ මේ පිළිතුරු කවිය.... //කුකුළුවනේ අඬලන්නේ එළිවෙන්ඩ මකුළුවනේ දැල්ලන්නේ මස් කන්ඩ බඔරිදුන...

හමස් පෙට්ටිය

Image
මේකට ඉංගිරිසියෙන් කියන්නේ Pigeon hole කියල තමයි මධුර ඩික්ෂනරියේ නම් තියෙන්නේ. ඒත් pigeon hole කියන එකේ තේරුම තියෙන්නේ මෙහෙම. 1.“a small recess for a domestic pigeon to nest in“ 2.“each of a set of small open-fronted compartment in a work place or other organization where letters or messages may be left for individuals“ සුද්දට අනුව නම් Pigeon hole කියන්නේ නිතර භාවිතා වන දෙයක්. pigeon hole concept කියල ගණිතමය සංකල්පයකුත් තියෙනවා. ඒත් අපේ භාෂා ව්‍යවහාරය අනුව “හමස් පෙට්ටිය“ භාවිතා වෙන්නේ මීට සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථයකින්. කිසිදා භාවිතා නොවන, අනවශ්‍ය හෝ ඉතා කලාතුරකින් අවශ්‍යවන දේ තැන්පත් කිරීම තමයි ඒකේ භාවිතාව. ජනවහරේ කියැවෙන ආකාරයට කිසිදා නොකෙරෙන දේ තමයි හමස් පෙට්ටි ඇතුලේ තියෙන්නේ. මේ යෙදුම් අනුව එය මනාව පැහැදිලි වේ. “චන්ද පොරොන්දු හමස් පෙට්ටියට ගියා“ “හමස් පෙට්ටිය තුල පුස්කමින් තිබූ ඖෂධ ප්රතිපත්තිය“ “අධ්‍යාපන ප්රතිසංස්කරණ යෝජනා හමස් පෙට්ටියේ“ හමස් පෙට්ටිය ගැන සිංහල භාෂා විශාරදයෙකු වන ඩී.එෆ්.කාරියකරවන මහතා කියන්නේ, එය “හය මාසයකට“ පමණ වරක් අරින පෙට්ටියක් යන අරුතින් ඒ නම යෙදී ...

හීන සොඳුරියෙ ඒත් මිහිරියි....!

Image
මට දැන් වෙහෙසයි මේ හිස් බැල්ම අපුලයි පියවර සළකුණු අතර ලියැවුන පදවැල් කියන්නට නොහැකියි.... හිස්තැන් එහෙමම පවතියි ඉඳහිට පිරෙණ හැටි කදිමයි නින්ද තරහින් මුමුණයි සතුට විදියට දුකම දලුලයි...... නුඹ ළඟ හරි අඩක් ඉතිරියි අනෙක් අඩ මම තවම සුරකියි එකතු කර නොකර මිය යයි හීන සොඳුරියෙ ඒත් මිහිරියි....!

ජේෆ්රි බාවා ගේ නිර්මාණ කෞෂල්‍යය...!

Image
පළමු පිංතූරේ තියෙන්නේ හුණුපිටිය ගංගාරාමයේ “සීමාමාලකය“ දෙවැනි පිංතූරේ ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ. මේ දෙකම තියෙන්නේ බේරේ වැව මැද. මඩ වගුරු උඩ කරපු අපූරු ඉදිකිරීම් දෙකක්. මේ දෙකේම නිර්මාණ ශිල්පියා වෙන්නේ ශ්‍රී ලංකාවේ හිටිය වඩාත්ම කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියා වන අසහාය ගෘහ නිර්මාණ ශිල්පී ‍“දේශමාන්‍ය ජේෆ්රි බාවා“ මහත්මයා. සීමාමාලකය ඉදිකරන්න ඔහු ආභාෂය අරන් තියෙන්නේ ඇම්බැක්කේ දේවාලයේ භාවිතා කර ඇති ගෘහ නිර්මාණ ශිල්පීය විධි ක්රම. දියවන්නාවේ නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට ආදර්ශය වෙලා තියෙන්නේ ගංගාරාමේ ඉදිකළ සීමාමාලකය. මේ නිර්මාණ දෙකම අපේ පෞරාණික ගෘහ නිර්මාණ ශිල්ප කලාවේ අද්විතීය විශිෂ්ඨත්වය ලොවට විදහා දක්වමින් තවත් බොහෝ කාලයක් අනාගතය සඳහා පවතිනු ඇත.....!

“ප්‍රාචීණ ඛණ්ඩ රාජ්‍ය“ හෙවත් “සැදුම්කඩ‍ෙදාර“

Image
“මහරජ ගැමුණු“ සිනමා නිර්මාණය ඔබ නැරඹුවා නම්, මේ එහි “මිත්‍ර“ සෙනවියා විසින් “නන්දිමිත්‍ර“ ගේ පියා මරා දමන ජවනිකාවට අදාල සත්‍ය සිදුවීම දිගහැරුණ ප්‍රදේශය.....! ------------------------------------------------------------------------------------------ නත්තල් නිවාඩුව සමඟ යෙදුන දීර්ඝ සති අන්තය ඈත වන්නියේ දී ගතකරන්න ඕන කියල ප්ලෑන් කළේ මාස කීපයකට කලින්ම ඉඳල. ඇත්තටම ඒක අතිශය නිස්කලංක පරිසරයක, කාලෙකට පස්සේ උපරිම නිදහසේ ගතකරපු සුන්දර නිවාඩුවක් උනා. 'උත්තර පස්ස' හෙවත් 'උත්තර දේශ' යනු ක්‍රි.පූ. යුගයේ දී පැරණි අනුරාධපුර රාජධානියේ උතුරු කොටස හැඳින්වූ නමක්. මෙයට අයත් වූ “වැව්-නිමාව“ නොහොත් වර්තමානයේ වව්නියාව නමින් හඳුන්වන, සිංහල රාජධානියේ සීමාව ලෙස පැවතුන කොටසේ පිහිටා තිබූ “ප්‍රාචීණ ඛණ්ඩ රාජ්‍ය“ එහෙමත් නැත්නම් “සැදුම්කඩ‍ෙදාර“ පුවර ගම්මානය කියන්නෙ ඓතිහාසිකව ඉතා වැදගත්, අපේ ඉතිහාසයේ සුවිශේෂි සුවිශාල පදාසයක් වසාගත් ප්‍රදේශයක්. මේ පළාත තමයි දුටුගැමුණු රජතුමාගේ අභීත සෙන්පතියෙක් වෙච්ච “නන්දිමිත්‍ර“ යෝධ සෙනවියාගේ ජන්ම භූමිය. මේ කොටස අද වෙනකොට අයිති වෙන්නේ වව්නියාව දකුණු (ස...
Image
 සිහිනක් නොවූ අතීතය මේ ෆොටෝ එක මීට කලින් දවසක හදිස්සියේ දැම්මට මොකද ඒත් එක්ක ගෑවිච්ච, අතීතය පළාගෙන මතු වෙවී හිත කොනිත්තන මතකයක් මේ වෙලාව වෙනකොටත් හිත කොනක පිනුම් ගහනවා. ඒ නිසා මේ සටහන ලියන්න ම ඕන කියල හිතුනා.  අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ දකණු ගේට්ටුවට දකුණු පැත්තෙන් තිබුණ පරිගණක විද්‍යාගාරයට එහා පැත්තේ තිබුණ තාප්පය තමා අපේ කුරුබිලිය උනේ. තාප්පෙට උඩින් කටු කම්බි ගහල ආරක්ෂා කරල තිබුණත් අපේ රහස් මාර්ගය වහන්න ඒ උපක්‍රම ශක්තිමත් උනේ නෑ. තාප්පෙට උඩින් කස්තිරම ගහල දැන් ඔය වික්ටරි රෝහල (යුධ හමුදා රෝහ ල) තියෙන පැත්තෙන් හැංගිලා පූජා නගරෙට පැන ගන්නවා. ගොඩක් වෙලාවට අපේ ප්‍රධාන ඉලක්කය උනේ ඉසුරුමුණිය විහාරය. බැතිමත්තු ඉතාම භක්තියෙන් පඬුරු වක්කරන, කම්බි දැල් වලින් වටකරපු තැනක් තියෙනවා ඒ ගල් පර්වතය මුදුනේ. ගියපු අය දන්නවා ඇති අන්ධ භක්තිකයෝ ආවේශයෙන් වගේ කාසී අතෑරියාට එතන තියෙන්නේ පුරාණ සෙල් ලිපියක්, ඒකේ ආරක්ෂාවට තමා ආවරණය කරල තියෙන්නේ. (අනේ අම්මපා මෙහෙමත් දානපතියෝ) කම්බි දැල නිසා සල්ලි එළියට ගන්න මාර ගේමක් දෙන්න වෙනවා. අනෙක තියෙන කාලය ඉතා සීමිතයි. යුනිෆෝම් එක නිසා අපි ගැන අවධාන...

රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා.......!

Image
රන් හිරු මඩලින් සිහිලස අයදිනවා පුන් සඳ පහනින් උණුහුම අයදනවා ලෝකය බිහි වූ දා සිට අරුමෙකි මිනිසා ගිරි හිස ඉඳුවර සොයමින් ලතැවෙනවා....... සයුරේ පැන්පත සොයමින් වැළපෙනවා කතරේ කෙන්බිම දකිමින් රැවටෙනවා දිළිසෙන දිය රැළි මාලා නෙත පුරවා නෙක මායා මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා........ ගමනේ මං පෙත දවසක නිම වෙනවා ලද දේ කල කී දේ හිත හඩවනවා නිවැරදි හැම සඟවාලා වරදට මල්දම් දාලා                                                          රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා..... ... v                               ' සබ්බේ සත්තා උන්මත්තකා ' කියල බුදුන් වහන්සේ කියල තියෙනවනෙ. ඉතිං ඉපදුන දවසෙ ඉඳල මනසින් මවාගත්ත ලෝකයක් ඇතුලෙ තමයි හැමෝම ජීවත් වෙන්නෙ. පිස්සෙකුටත් තියෙනව ලෝකයක්. ඒ ලෝකෙ ඇතුලෙ එයාගෙ හැම සිතිවිල්ලක්ම සංතර්පණය කරගන්නවා එයාටම ආවේනික රාමුවක ඉඳල. ...

වේදිකාවෙන් මහ පොළොවට ......!

Image
රජරට වැව් බොහොමයක් දැන් රොන්මඩ පිරිලා ගොඩ වෙලා. පින්නටත් පිරෙනවා. හඳ එළියට ආයෙත් හිඳෙනවා. තියෙන ටිකෙත් ජපන් ජබර, සැල්වීනියා බෝ වෙලා අභාවයට ගිහින්.... පායන කාලෙට ගිනි කූටකේට පිච්චෙනවා. මෝසම් කාලෙට හැමදේම යට කරගෙන ගලන්න ගන්නවා. නියඟෙන් බැට කාලා ඉවර වෙනකොට ම ගංවතුර තර්ජනය පටන් ගන්නවා. ඒ අතර පතරින් සුළි සුළං කුණාටු හමන්නවා. මිනිස්සු හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ ඒක දෛවය විසින් තමන්ට දීපු උරුමයක් කියලා. අනෙක් පැත්තෙන් ඒකත් කරුමේ කියල හිතන්න ඔවුන්ට කවුරුහරි පුරුදු කරල.... වෙහෙරක් අහිමි වෙච්ච කෙනෙකුට අග්ගලයක් දීල වැඩක් නෑ. හරක් පට්ටියක් නැතිවෙච්ච කෙනෙකුට කෙවිටකින් වැඩක් නෑ. ඒත් රජයක් එහෙම කරන්න ඕන, ජනතාව වෙනුවෙන් නෙවේ, පැවැත්ම වෙනුවෙන්. මේ දෙන්නේ තෑගි නෙවෙයි. දෙන්නේ මගේ සාක්කුවෙනුත් නෙවෙයි. මේක රාජකාරියක්. ඒ වෙනුවෙන් ආණ්ඩුවෙන් මට පැය අටකට ගෙවනවා. හැබැයි මම මිනිස්සු වෙනුවෙන් පැය දාසයක් වැඩ කරනවා. ඒකට ඒ මිනිස්සු මට ගෙවනවා. ඒත් ඒ සල්ලි වලින් නෙවෙයි, හිනාවෙන්, ආදරයෙන්, කරුණාවෙන්, ලෙන්ගතු කමින්. ඒ නිසා ඔවුන් වෙනුවෙන් වගකීමට එහා ගිය යුතුකමක් හිතේ ඇඳෙනවා. මගේ සුව පහසු පුටුව ඉස්සරහ තියෙන දැවැන...

ඉතිහාසයේ කාබන් කොපි...............!

Image
සමහර විද්වතුන්ගේ අදහස හා එකඟව යමින් ඉතිහාසයේ කාබන් කොපියක් වර්තමානය තුල දිගහැරෙමින් පවතින බව පිළිගනිමි. රටේ ඉතිහාසය පමණ නොව ලෝක ඉතිහාසය තුල වුවද මේ බව සනාත කිරීමට කරුණු කාරණා සොයා ගැනීම එතරම් අපහසු කාරණයක් නොවේ. විසිවන සියවසේ මහා ප්‍රාඥයා යැයි සැලකෙන ඇල්බට් අයිස්ටයින්ගේ සාපේක්ෂතා වාදයට අනුව කරලියට පැමිණුනත් වසර 2500 කට වඩා එපිට ඉතිහාසයකදී බුදුන් වහන්සේ විසින් ලෞකික පරමාර්ථ වල සාපේක්ෂතාවය මැනැවින් විග්‍රහ කර තිබේ.  ඒ අනුව කිසිදාක හොඳ-නරක, යස-අයස, ලාභ-අලාභ, නින්දා-ප්‍රසංසා, දුක-සැප, සුදු-කලු, උස්-මිටි යනාදී එකී මෙකී නොකී කිසිවක් ඉතිහාසය තුල දීර්ඝ කාලීනව අඛණ්ඩව ස්ථීරව පැවතී නැත. ස්වාභාව ධර්මයේ සාපේක්ෂතාවය මඟින් මේවා මනාව කළමණාකරණය කෙරී තිබේ. අනාගතය තුල වුවද එයම සිදුවනු නොඅනුමානය. අපේ ඉතිහාසය සියුම්ව විශ්ලේෂණය කරනවිට උක්ත කාරණය මැනැවින් අවබෝධ කරගත හැකිය. "බැමිණිතියා සාය" වැනි මහා නියඟයන්ගෙන් බැට කෑ අප, ශෂ්‍ය සම්පත් වලින් ආඩ්‍ය වී නොනැවත අතිරික්ත නිෂ්පාදන අපනයනය කරන්නට තරම් සශ්‍රීක වූ "මහා පැරකුම් යුග" පසුකර පැමිණුනෙමු.  බුද්ධදාස වැනි "රජ වෙදුන්" හා ව...

සතන් සමාගමෝ............!

Image
ජීවිතයේ මෙතෙක් ගෙවා ආ ගමන් මඟ දෙස ආපසු හැරී බලන විට පසුකර පැමිණි මාවත දුක වේදනාව සතුට කඳුල පිරි, සුන්දර හා කටුක මතකයන්ගෙන් රැඳුන කාලච්චේදයක් වූවත් දැන්නම් ඒ හැම සුන්දර මතක සටහන්ම පමණක් වි ඇතැයි සිතේ.  දිවා විවේකය ලැබුණ පාසල් ජීවිතයේ දිනෙකදී බඩ කට පිරෙන්නට කරාමය ඇර වතුර බිවූ දිනයක ඒ දුටු මිතුරෙකු ගෙදරින් පොතක් ගැනීමට දුන් කාසි කොළ කීපයක් මා අත මිටමොළවා කැටිමට එක්ක ගිය මතකය තවමත් මා හිතේ කොනක සුරැකිව ඇත. පැපොල වසංගතය හේතුවෙන් සියලු අභ්‍යන්තර - භාහිර නේවාසිකාගාර වසා දැමුන කාලයක, අන් සියලු සරසවි මිතුරන් තම නිවෙස් බලා ගියමුත් ශිෂ්‍ය දේශපාලන වැඩ කටයුතු වෙනුවෙන් නේවාසිකාගාරයේ තනිවූ අප කිහිප දෙනෙකු කුස්සිය මුල්ලේ තිබූ පොල්කටු එකතුකර නගරයේ ලොන්ඩරියකට විකුණා ලැබුණ සොච්චම් මුදලින් දින කීපයක් බඩ පුරවාගන්නට ගත් උත්සාහය තවම මා සිතින් අමතකව නැත. අතේ සතේ නැතිව අන්ත අසරණ වූ අවස්ථාවලදී පරිස්සමට මඟහැර ගිය මෙන්ම අතමිට යහමින් මුදල් ගැවසුන කාලවල මා වටා රොද බැඳ සිටි මිත්‍ර ප්‍රතිරූපකයන් දහස් ගණනක් අතර එදා පාසැල් ජීවිතයේ සිට සරසවි ජීවිතය හරහා මේ දක්වා මා අතනොහැර එකාවන්ව සිටි කල්‍යාණ මිත්‍රයන් සැ...

මිනිසා දේශපාලන සත්වයෙකි.......! එසේ නම් සරසවි ශිෂ්‍යයා?

" මිනිසා ලිංගික සත්වයෙක්" යැයි කියූවේ සිග්මන් ප්‍රොයිඩ්ය. එතෙක් කරලියේ පැවතුන පිළිගැනීම වූයේ "මිනිසා දේශපාලන සත්වයෙක්" ය යන ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කරන ලද අදහසයි. මේවා හරි හෝ වැරදි විය හැකිය. එය වෙනම ම කාරණයකි. කෙසේ වෙතත් දේශපාලනය යනු මසට සම සේ , ගසට පොත්ත සේ මානවයාගේ ජීවිතය හා සබැඳුන ක්‍රියාදාමයකි. "අපි ඉපදෙන්නත් දේශපාලනය බලපානව කියලයි මට හිතෙන්නේ" යනුවෙන් අප මිතුරු ඔසී පවසනවා ඇත්තේද එයම විය යුතුය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තමන් කැමති දේශපාලන මතවාදයක් දැරීම සඳහා සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකමක් තිබිය යුතුය. විශ්වවිද්‍යාල සිසුන් එයින් වියුක්තද ? රටක ජීවනාලිය ලෙස සැලකෙන්නේ තරුණ පරපුරයි. ඔවුන්ගේ ජවය හා ශක්තිය මෙන්ම නැවුම් මතවාද හා ආකල්ප ද රටේ සංවර්ධන ව්‍යාපෘතීන් කෙරෙහි සෘජුව බලපායි. විශ්වවිද්‍යාල තුල සිටින්නේද එවන් තාරුණ්‍යයක අග්‍රගන්‍ය එලයක් නොවන්නේද ? ඔවුන් ළදරුවන් නොවේ. රටක දේශපාලන තීන්දු තීරණ කෙරෙහි ශක්‍රීයව දායකවීමේ ශක්‍යතාවයක් හා පරිචයක් මෙන්ම අයිතියක්ද ඔවුනට ඇති බව මාගේ විශ්වාසයයි. මට දැනෙන අනෙක් ...

බැද්දෙ වසන්නට තිබුණා නම්?

                               පැන පැන ගල්තලා මතුපිට පාද තබා කරදර උනා කුඹුකේ බෙනයකට ඔබා කර පිට නැගී බඩ පිනුමට ඔට්ටු තබා වක්කලමේ දිය කෙලියට වරෙන් අබා යකඩ වතුර මල දාහය නංවනවා සිහිවී යාන් ඔය හදවත පිච්චෙනවා කොලු රංචුවේ මතකය සිත නලියනවා                    මිතුරේ අභය මම හෙට ගම රට එනවා...

පාරමී....

      හීන ගෙනෙන දුර අහසේ දේදුන්න මවා විසුල සතුටු සිනා කඳුලු මම එකතු කළා ඉක්මනින්ම එන දවසක මගේ සිත සොයා පළඳමි හිස ඒ කඳුලින් මිණි කිරුළු තනා ............ වෙලා සිත් දැහැන් රැහැණින් ප්‍රේම නිම්තෙරේ සීත මඳ නළට කියමින් ඒ කතන්දරේ පාරමී පුරා විඳිමින් සෙනෙහෙ අන්දරේ එක්වෙලා රැඳෙමු සිහිනෙන් මතක මන්දිරේ............

--දියවන්නා මාලිගාව--

එන නිසාම යන යන නිසාම එන එන්නට බලාගෙන යන ගියත් නෑවිත්ම ඉන්න ඇවිත් නොයන්නම හිතන් ඉන්න කන - බොන ගයන - වයන - නටන බොරු කකුල් - වෙස්මුහුණු පළඳින මඩි ගහන - පා ලොවන ගිනි පිඹින - බෙලි කපන හොරි කහන - ගුණ ගයන ඒ හැවොම අඩු නැතිය රට හදන තැන මෙතැන

මචං...!

v   .... ඒ මට නැත්තටම නැති කාලෙ. උඹට කියලත් එහෙමට දෙයක් තිබුනෙ නැහැ. මම කෙල්ල බලන්ඩ ඇඳගෙන ගියෙ උඹේ ඩෙනිම , ටී ෂර්ට් එක. උඹ   ටියුෂන් පාරක් දාලා කීයක්හරි හොයාගන්න ගියෙ මගෙ කබල් බයිසිකල් කට්ට ඉල්ලගෙන. ඒ කාලෙ ඒ ගැන උඹටවත් මටවත් ලැජ්ජාවක් හිතුනෙ නැහැ. ඒ අපි එකම පංතියෙ හිටියනිසා වෙන්න ඇති.   ඒත් අද ? මඟුල් ගෙදරක යන්න හයර් එකට ගන්නවා මිසක් මට උඹේ කෝට්බෑය ඉල්ලන්න හිතෙන්නෙ නැහැ. පොඩි එකාට බෙහෙත් ගේන්න හයර් එකට ගත්ත ත්‍රීවිලර් එකක ගියත් උඹ මගේ පරණ බයික් එක ඉල්ලන්නෙත් නැහැ. ඒ අපි දැන් පංති දෙකක කියල උඹත් මමත් හිතන නිසා වෙන්න ඇති. ඒත් ඇත්තටම හිතුවොත් මට වෙලාවකට හිතෙනවා උඹත් මමත් තවමත් එකම පංතියේම නේද කියලා.....!

ප්‍රශ්ණ ඇසීම අවසානය....!

  " ඔව් වෙඩි තියමු. හැබැයි ඊට කලින් මතක තියාගන්න ගිනිකඳයගෙ බටේ තමන්ගෙ නළලට තියාගන්න. මොකද ඔයවගේ ප්‍රශ්ණ අහනවුන් ඕන නෑ සංස්කෘතියකට. ඉස්සර හිටපු එවුනුත් මකබෑවිලාම ගියා. හැමදේටම හූමිටි තියාගෙන ගොළුවො බීරො වගේ ඉන්න හනමිටිකාරයො ටිකක් හිටියාම හොඳටම ඇති මේ වගේ රටකට!!."